UPDATE : අයවැය කතාව කෙටියෙන්

 11/09/2017 - 12:15
1439 reads

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පස්වරු 3.07 ට අයවැය කතාව ආරම්භ කළා.

යෝජනාවලිය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර අය වැය නීල හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණින් ඉදිරිපත් කරන බවයි.

සමාජයේ දැඩි අවධානයක් පවතී වාහන බදු සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා සිය අය වැය කතාවේදී සඳහන් කළේ විදුලියෙන් ධාවනය කෙරෙන මෝටර් රථ රුපියල් ලක්‍ෂ දහයකින් අඩු කරන බවයි.

වසර  2040 වන විට සියලු වාහන ඛනිජතෙල් රහිතව ධාවනය කරන මට්ටමට රට සංවර්ධනය කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මොරටුව සහ සබරගමුව යන විශ්වවිද්‍යාලවලට වෙනම වෛද්‍ය පීඨ දෙකක් ලබාදෙන  බව ද අමාත්‍යවරයා පැවසුවා.
සංචාරක කලාප ආශ්‍රිතව මත්පැන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය යාවත්කාලීන කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

දුරකතන කුළුණු සඳහා නව බද්දක් යෝජනා කෙරුණා.

ඩීසල්වලින් ධාවනය කෙරෙන ත්‍රීරෝද  රථයක් මින්පසුව රුපියල් පනස් දහසක නව බද්දකට යටත්වනවා.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශමතා ඉවත් කිරීම සඳහා නව කොමිසමක් පත් කිරීමට ද යෝජනා කෙරුණා.

විදුලියෙන් දුවන නව බස් රථ සඳහා යොමුවීම ද මෙවර අය වැයේ ප්‍රමුඛ යෝජනාවක් වුණා.

ඉහළ යන කාබන් ධාරිතාව පාලනය කිරීම සඳහා නව බද්දක් යෝජනා කෙරුණා.

අය වැය ක්‍රියාත්මක වන ආකාරය නිරීක්‍ෂණය සඳහා නව කාර්යාංශයක් ස්ථාපිත කිරීම ද මෙවර විශේෂත්වයක්.

 සම්පූර්ණ අය වැය කතාව මෙතැනින්

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

2018 වර්ෂය සඳහා වන අය වැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ඒ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්.

2018 වසර සඳහා සමස්ත වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය නම වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන වසරේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 3,982ක් වන අතර සියලුම ප්‍රධානයන් සහිතව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2, 175ක්.

බිලියන 1, 807ක් වූ අයවැය හිඟය පියවන ආකාරය පිළිබඳව අද ඉදිරිපත් කෙරෙන අයවැය තුළින් විස්තර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ  මෙවර අයවැය තුළින් අධ්‍යාපනයට ද ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බවයි.

අයවැය කතාව අද දින සිදු කිරීමෙන් අනතුරුව හෙට දිනයේ සිට අයවැය දෙවනවර කියවීමේ විවාදය ආරම්භ වනවා.

දෛනිකව පෙරවරු 9.30 ට ආරම්භ වන විවාදය පස්වරු 7.30 දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන දෙසැම්බර් 9 වනදා රාත්‍රී 7ට අවසන් ඡන්ද විමසීම ද සිදුකෙරෙනවා.

අයවැය යෝජනා ඉදිරිපත් කරන අද දිනයේ මහජන ගැලරිය ආරාධිතයින්ට පමණක් සීමා කර ඇති අතර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

අද දින ඉදිරිපත් කෙරෙන්නේ යහපාලන ආණ්ඩුවේ 3 වන අයවැය වන අතර, නිදහස් ශ්‍රී ලංකාවේ 71 වන අයවැයයි.

මෙවර අයවැය තුළින් තම අපේක්ෂාවන් පිළිබඳව ජනතාව දැක්වූයේ මෙවැනි අදහසක්.


ඇමති මංගලගේ මංගල අයවැය අද

2018 වර්ෂය සඳහා වන අය වැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පස්වරුවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

2018 වසර සඳහා සමස්ත වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය නම වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.ඒ අනුව ලබන වසරේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 3,982ක්.

අයවැය කතාව අද දින සිදු කිරීමෙන් අනතුරුව හෙට දිනයේ සිට අයවැය දෙවනවර කියවීමේ විවාදය ආරම්භ වනවා. දෛනිකව පෙරවරු 9.30 ට ආරම්භ වන විවාදය පස්වරු 7.30 දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන දෙසැම්බර් 9 වනදා රාත්‍රී 7ට අවසන් ඡන්ද විමසීම ද සිදුකෙරෙනවා.

අයවැය යෝජනා ඉදිරිපත් කරන අද දිනයේ මහජන ගැලරිය ආරාධිතයින්ට පමණක් සීමා කර ඇති අතර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව දක්වා පැමිණීමට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

අද දින ඉදිරිපත් කෙරෙන්නේ යහපාලන ආණ්ඩුවේ 3 වන අයවැය වන අතර, නිදහස් ශ්‍රී ලංකාවේ 71 වන අයවැයයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news