රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය අවසන්

 11/08/2017 - 21:17
55 reads

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය අවසන් කර තිබෙනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසුවේ සයිටම් ආයතනය දෙසැම්බර් 31 වනදා සිට අහෝසි වන බව නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව උපවාසය අවසන් කළ බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news