බාල තෙල් නැව භාර නොගැනීමට රජය තීරණය කිරීම වාහන හිමියන් ලැබූ ජයක්

 11/08/2017 - 20:52
7 reads

ප්‍රමිතියෙන් අඩු ඉන්ධන නෞකාව භාර නොගැනීමට රජය තීරණය කිරීම වාහන හිමියන් ලැබූ ජයග්‍රහණයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පවසනවා.
හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

9 වැනිදා වෙනකම් ඊළඟ නැව එනකම් අපිට තෙල් පරිභෝජනය සඳහා ප්‍රමාණවත් තෙල් ප්‍රමාණයක් තියෙනවා. සමාජ ජාල හරහා සහ නොයෙකුත් ක්‍රම මගින් ගිය යම් යම් ප්‍රචාරය උඩ ජනතාව කලබල වෙලා කලින් ලීටර් 10 ගත්ත කෙනා ලීටර් 20 ගන්න පෙළඹිලා තියෙනවා. නමුත් අපි මතක තියාගන්න ඕනි... යම් අපහසුතාවයකට අපි ලක්වුණත් අපි ලබාගත්ත ලොකුම ජයග්‍රහණය තමයි ඒ බාල තෙල් එක හරවලා යවපු එක. ඒක ආවම නම් මීට වඩා අර්බුදයකට සහ මීට වඩා ලොකු විනාශයකට මේ රටේ පාරිභෝගිකයන්ට මුහුණ දෙන්න වෙනවා. තමන් බොහෝම අමාරුවෙන් ගත්ත වාහනය, ලීසිං ගෙවන වාහනය... ඒවා කැඩුණම කවුද ඒවාට වග කියන්නේ.

ප්‍රමිතියෙන් අඩු ඉන්ධන නෞකාව භාර ගන්නා ලෙස තමන්ට බලපෑම් එල්ල වූ බවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිදු කළ ප්‍රකාශයට ද මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා එහිදී පිළිතුරු ලබා දුන්නේ මෙලෙසිනි.

මම නම් කියන්නේ ඒකට ඇමතිතුමා තමයි උත්තර දෙන්න ඕනි. ඇමතිතුමානේ දන්නේ කවුද ඇමතිතුමාට බලපෑම් කළේ කියලා. අපි දන්නේ නැහැනේ.... ඉතින් මමත් කියන්නේ ඇමතිතුමාත් ඒ වගේ දේවල් කියන විට වගකීමෙන් කියන්න ඕනි... එහෙම කිව්ව නම් ඇමතිතුමා කියන්න ඕනි... කවුද කිව්වේ කියලා කියන්න ඕනි. නිකන් මේ තමන් ගැලවෙන්න මේ අරය බලපෑම් කළා මෙයා බලපෑම් කළා කියලානම් වැඩක් නෑ ඉතින්... එහෙම නම් ඇමතිතුමා කියන්න ඕනි මෙයා බලපෑම් කළා... වැඩේ ඉවරයි... මේක ඉතින් අපිත් අපහසුතාවයට පත් වෙනවා මේ වගේ ප්‍රකාශ කළාම.  

 

news24.lk
News24
sri lanka news 24
24 news