රටම බලන් සිටි ඉන්ධන නැව ලංකා මුහුදු සීමාවට ඇතුළු වෙයි

 11/08/2017 - 20:19
463 reads

ඉන්ධන් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් රැගත් නෙවස්කා ලේඩි නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී තිබෙනවා. එම නෞකාව අද මධ්‍යම රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නෙවස්කා ලේඩි නමැති මෙම නෞකාව ඉන්ධනද රැගෙන දිවයිනට ළංවීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ මුළු රටම බලා සිටියේ දැඩි විමසිල්ලෙනි.

අදාළ නෞකාව මගින් රැගෙන එන ඉන්ධන මුතුරාජවෙල බෝයාව මගින් පොම්ප කෙරෙනවා.
කෙසේ වෙතත් නෞකාව බෝයාවට වෙත යාමට පෙර ප්‍රමිතිය පරීක්ෂා කිරීමට රසායානාගාර පරීක්ෂකයින් සූදානමින් සිටින බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news