කොතරම් අවලාද නැගුවත් දූෂණ හා වංචා පිටුදැකීම තම අධිෂ්ඨානය බව ජනපති කියයි

 11/08/2017 - 20:06
12 reads

කොතරම් අවලාද නැගුවත් දූෂණ හා වංචා පිටුදැකීම තම අධිෂ්ඨානය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ සැමරුම් උත්සවයට අද එක්වෙමින් හෙතෙම කියා සිටියේ බැඳුම්කර කොමිසම පත් කරනු ලැබුවේ යහපාලන පොරොන්දු ඉටුකිරීම සඳහා වන බවයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

ඒ වැරදි දූෂිත පාලනයක් පෙරළලා අපි ආණ්ඩුවක් පිහිටවූවේ ඇයි? සාමාන්‍යයෙන් රටේ පොදු ජනතාව අපේ ආණ්ඩුවට ආදරේට කතා කරන අයත් කියනවා යහපාලන ආණ්ඩුව කියලා... ආණ්ඩුව අපහාසයට සහ උපහාසයට ලක්කරන අයත් කියනවා යහපාලන ආණ්ඩුව කියලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. යහපාලනය කොච්චර විග්‍රහය කරන්න පුළුවන්ද? යහපාලනය කියන එක විවිධාකාරයෙන් විෂය ක්ෂේත්‍රයක් තුළ කතා කරන්න පුළුවන්ද? අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනි වැරදි කරපු මිනිස්සුන්ට අපි ඇඟිල්ල දික් කරනවා වගේම වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දියයුතුයි වගේම අපි අපේ වැඩේ හරියට කරනවද කියන එක.

 

news24.lk
News24
sri lanka news 24
24 news