බස් රථයකට බෝම්බ අටවා 30 ඝාතනය කළ LTTE සාමාජිකයාට ලැබුණු දඬුවම

 11/08/2017 - 19:19
88 reads

පිළියන්දල බස් නැවතුම්පලේදී  බස් රථයක බෝම්බයක් අටවා එය පුපුරවා හැර මඟීන් 30 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුට  කොළඹ මහාධිකරණය මඟින් අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා.
මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ලබා දෙමින් විත්තිකරුට එම සිරදඬුවම් නියම කළ බවයි වාර්තා වුණේ.
2007 වසරේ අප්‍රේල් මස 25 වනදා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පුපුරවා හැරිමෙන් මඟීන් 30 දෙනෙකු මිය ගිය ගිය අතර තවත් 42 දෙනෙකු තුවාල ලැබුවා.
අදාළ නඩුවේ දෙවන විත්තිකරු නඩු විභාගය අතරතුරදී මියගොස් තිබු බව ද නඩු විභාගයේදී අනාවරණය  වී තිබෙනවා.
මේ අතර, නීති විරෝධී ජනරාශියක සාමාජිකයින්ව හිඳිමින් යක්විල මෙත්තාගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකරමින් වරදකරුවන් වූ සැකකරුවන් 7 දෙනෙකුගෙන් 5 දෙනෙකුට කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විණිසුරු එම්. සී. බී. එස් මොරායස් මහතා අද මරණ දඩුවම නියම කළා.
සැකකරුවන් 7 දෙනෙකුට එරෙහි අධිචෝදනා නගා තිබූ අතර ඉන් තුන්වැනි හා හත්වැනි සැකකරුවන් මියගොස් තිබීම හේතුවෙන් සෙසු සැකකරවන් වරදකරුවන් කරමින් අදාළ තින්දුව ලබාදුන් බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news