වෙඩි වැදී මියගිය අයෙකුගේ සිරුරක් විල්ගමුව ජාතික වනෝද්‍යායෙන් සොයාගැනේ

 11/08/2017 - 19:12
7 reads

වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් විල්ගමුව ජාතික වනෝද්‍යානයේ තිබියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හඳුන්ගමුව, හිඹිලියාකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.
පසුගිය 7 වනදා පස්වරුවේ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ දඩයමේ ගොස් ඇති අතර ඔහු ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී මෙම මළසිරුර හමුවී තිබෙනවා.
මියගිය පුද්ගලයා වෙඩි තබාගත්තේ ද නැතහොත් ඝාතනයට ලක්වූයේද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විල්ගමුව පොලිසිය  පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news