අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවෙයි

 11/08/2017 - 15:56
426 reads

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 06ක මිල ගණන් පහත දමා තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ අද (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ අර්තාපල්, ලොකු ළුෑණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල මිල ගණන් මෙලෙස පහත දමන බවයි.
ඒ අනුව අර්තාපල් සහ ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39කින් සහ පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 12කින් අඩුකර තිබෙනවා.  
කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ රුපියල් 50කින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news