කැබ් රථයක් පිගාඔයට පෙරලීමෙන් පුද්ගලයෙකු මියයයි - පහකට තුවාල

 11/08/2017 - 12:42
50 reads

මහනුවර - අකුරණ ප්‍රදේශයේ දී පිගාඔයට කැබ් රථයක් පෙරලීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

NEWS 24 වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබූවන් මේ වන විට අකුරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි පිරිසක්.

ඔවුන් ඊයේ රාත්‍රියේ ගම්පොල නගරයේ පැවති විවාහ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වූ ස්ථානයේ පිගාඔය හරහා ඇති පාලමෙහි ආරක්‍ෂක වැටක් ද නොමැති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news