මානුස් දූපතේ සරණාගතයින් අතර ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙක්

 11/08/2017 - 12:32
174 reads

ආහාර, ජලය සහ විදුලි බලය පවා නොමැතිව සතියකට ආසන්න කාලයක් මුළුල්ලේ ඕස්ට්‍රේලියාවේ මානුස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානය හැර යාම ප්‍රතික්ෂේප කරමින් සාමකාමී

උද්ඝෝෂණයක නිරතව සිටින රැඳවියන් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු පමණ ද සිටින බව වාර්තාවනවා.

එම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර බහුතරය දෙමළ වන අතර, සිංහල කිහිප දෙනෙකු ද සිටින බවයි සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් සඳහන් කරන්නේ.

ඔවුන් පවසන්නේ එහි සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙකු සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාව පිළිගෙන ඇති බවයි.

මානුස් දූපතේ කඳවුරේ සිටින රැඳවියන් 600 අතරින් බහුතරය සරණාගතයින් ලෙසින් පිළිගෙන ඇති නමුත්, ඔවුන් කඳවුරෙන් නිදහස් කිරීම වෙනුවට වෙනත් මධ්‍යස්ථාන තුනකට පිටත් කිරීමට පැපුවා නිව්ගිනියා බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

රැඳවුම් මධ්‍යස්ථානය ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණය ලබා දුන් තීන්දුවත් සමග ඔක්තෝබර් 31 වෙනි දින එය වසා දැමුණා.

ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් සිය ආරක්ෂාවට තර්ජන එල්ල වෙනු ඇතැයි බියෙන් මානුස් දූපතේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන කරා යාම රැඳවියන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news