ලංකාවේ කාන්තාවන්ගේ බර හොදටම වැඩි වෙයි

 11/08/2017 - 11:19
53 reads

මේ හේතුවෙන් ගර්භණී මව්වරුන්ගෙන් 25%ක් දෙනා අධි බරෙන් යුක්ත බව ද මෑතක කරන ලද සමීක්ෂණවලින් තහවුරුව තිබෙනවා.

එපමණක් නොව දරුවා බිහිකළ පසුව දරුවාට කිරි දීමට අවශ්‍ය බව පවසා ගර්භණී කාලය තුළ ලබා දුන් ‍පෝෂණයේ කිසිදු අඩුවක් නොකර ඇතැම් විට ඊටත් වඩා ආහාර ප්‍රමාණයේ වැඩි වීමක් කර එම කාන්තාවට ලබා දෙනවා.

මෙසේ ලබා දුන්නද ඇය කය වෙහෙසා දහඩිය පිට වන සේ වැඩ පලක් නොකරන බැවින් කැලරි දහනය අවම තත්ත්වයේ පවතින බැවින් මේ තත්ත්වය නිසි ව්‍යායාමයෙන් තොර කල් පවතින සෞඛ්‍ය ගැටලු රැසක් ලාංකික කාන්තාවන්ට ඇති කර තිබෙනවා.

එකවර දෙදෙනකුට සෑහෙන්න ආහාර  ලබා දීම කිසිසේත් සුදුසු නොවන අතර වැදගත්ම කරුණ වනුයේ ලාංකික ආහාර රටාවේ වැඩියෙන් ඇත්තේ පිෂ්ඨය වන නිසා බොහෝ විට අපට ලැබෙනුයේ පිෂ්ඨය මිස ‍ප්‍රෝටීන් නොවීමයි.

කාන්තාවකගේ තුන්වන වරට බර වැඩි වන්නේ වයස අවුරුදු 40 ඉක්ම ගිය පසුවයි.

සාමාන්‍යයෙන් කාන්තාවගේ පරිවෘත්තීය ක්‍රියාවන් වයස අවුරුදු 40 ඉක්ම යාමත් සමග අඩු වන අතර ඒත් සමගම ශරීරයේ හෝමෝනයන්හි ක්‍රියාකාරකම් වෙනස් වීම, ආර්ථව චක්‍රය නතර වීම වැනි හේතු මත කාන්තාවක් තමන් දිනකට  ගන්නා කැලරි ප්‍රමාණය අඩු කළ  යුතුය.

එක් අතකින් ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවන් අඩු වීමත් සමග ශරීරයට අවශ්‍ය  කැලරි ප්‍රමාණය අඩු කළ යුතුය.

එසේම වයස් ගත වීමත් සමග ක්‍රියාශීලීව වැඩ කිරීමට නොහැකි වීම හේතුවන් ද ගන්නා ආහාර ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩු කළ යුතු වන්නේය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ඉක්ම වන  කාන්තාවක් දිනකට ගන්නා ආහාරයේ අන්තර්ගත කැලරි ප්‍රමාණයෙන් 200ක් අඩු කර ගත යුතු වන්නේය.

එහෙත් කනගාටුවට කරුණක් වන්නේ අපේ කාන්තාවන් තම ආහාර වේල තුළ අන්තර්ගත කැලරි අඩු කරනවා වෙනුවට සිදු කරන්නේ වැඩි කිරීමයි.

මේ හේතුවෙන් අපගේ කාන්තාවන් බහුතරයක්  වයස් ගත වීමත් සමග බර වැඩි වීමක් පෙන්නුම් කරනු ඇත.

කෙසේ නමුත් අපගේ ඇතැම් වැඩිහිටියන්ගේ මතයක් වී ඇත්තේ වයස්ගත වීමත් සමග හොඳින් ‍පෝෂණය ලබා දිය යුතු බව පවසමින් ආහාර පාන වැඩි වශයෙන් ලබා දීමයි.

නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර සිදු වන්නේ ශරීරයේ බර වැඩි වීම හා ඒ හරහා රෝගී වීම පමණි.

වැයවන ශක්තිය අනුව ආහාර ලබාගැනීම සඳහා නිසි ‍පෝෂණයෙන් යුත් ආහාර, විධිමත් ප්‍රමාණයකින් ලබා ගැනීම වැනි දේ මගින් නිරෝගිමත් ජීවිතයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
 
උපුටාගැනීම - ශ්‍රියානි විජේසිංහ

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news