තලවකැලේ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකුට තුවාල

 11/08/2017 - 11:09
6 reads

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේදී සිදු වූ ලොරි රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කර  තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් ඔවුන් නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවයි.

හැටන් - වැලිඔය වතුයායේ සිට ඇල්ජින් වතුයායේ අවමංගල උත්සවයකට සහභාගී වීම සඳහා මෙම පිරිස ලොරි රථයෙන් ගමන් කරමින් සිටියදී එහි තිරිංග ක්‍රියා විරහිත වී ප්‍රධාන මාර්ගය අභියස කන්දක  ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news