කේරල ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයින් 4 දෙනෙකු වව්නියාවේදී අත්ඩංගුවට

 11/08/2017 - 10:38
11 reads

කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු වව්නියාවේදී අත්ඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කේරල ගංජා කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද අළුයම වව්නියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර, කේරල ගංජා කිලෝග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ වව්නියාව නගරයේදී අත්ඩංගුවට ගෙන ඇති අතර, ඔහු ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් බව සඳහන්.

කිලිනොච්චියේ සිට පුත්තලම දක්වා බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 900 ක් සමග පුද්ගලයෙකු වව්නියාව බස්නැවතුම්පලේදී අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news