මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ ගෙවත්තකින් බිම් බෝම්බ තොගයක් සොයා ගැනේ

 11/08/2017 - 09:45
10 reads

මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ ගෙවත්තක තිබි බිම් බෝම්බ තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසූfවි නිවැසියන් ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවේදී වළ දමා තිබු පොහොර බෑගයක් හමුවි ඇති අතර, ඒ පිළිබඳ පොලීසියට කළ දැනුම්දීමකට  අනුව මෙම බිම්බෝම්බ තොගය සොයාගත් බවයි.

ඒ අනුව, මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත අදාළ පොහොර බෑගය විවෘත කර ඇති අතර, ඒ තුළ තිබී බිම්බෝම්බ 50 ක් සොයාගෙන ඇති බව සඳහන්.

පසුගිය යුධ සමයේ පළාගිය එල් ටි ටි සංවිධාන සාමාජිකයින් අදාළ බෝම්බ වළදමා යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news