UPDATE : මැතිවරණ කොමිසම අද රැස්වෙයි - ගැසට් නිවේදනය ගැන වැඩබලන මුද්‍රණාලාධිපතිනිය කතා කරයි

 11/08/2017 - 13:15
172 reads

මැතිවරණ කොමිසම අද පෙරවරු 10 ට එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිව්ස් 24 කළ විමසුමකදී කියා සිටියේ.

එමෙන්ම, ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රීධුරය අහිමිවීමත් සමග පුරප්පාඩු වූ එම ධුරය සම්බන්ධයෙන් ද අද දින සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.

මේ අතර, නව සීමා නිර්ණය අනුව පළාත් පාලන ආයතනයන් හී සභික සංඛ්‍යාව නියම කරන ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නැහැ.

පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය පළමු වන දා ඊට අත්සන් තැබුවා.

එය රජයේ මුද්‍රණාලයට යොමු කරනු ලැබුවේ පසුගිය දෙවනදායි.

එහෙත් රජයේ වැඩබලන මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළේ අදාළ ගැසට් පත්‍රය සෝදුපත් පරීක්‍ෂාව සඳහා පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය යළි යොමු කර ඇති බවයි.

භාෂා ත්‍රිත්වයෙන් සමන්විත අදාළ ගැසට් නිවේදනය පිටු 600 කට වැඩි සංඛ්‍යාවකින් එය සමන්විත බව ඇය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ ගැසට් පත්‍රය අමාත්‍යවරයා අත්සන් තැබූ දිනය යොදා පළ කිරීම හේතුවෙන් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා එය පළ කිරීම ප්‍රමාදවීම බාධාවක් නොවන බවයි.

මේ අතර, නුවරඑළිය ප්‍රාදේශය සභාවට නව බල ප්‍රදේශය 6 ක් එක්වීමට අදාළ ගැසට් නිවේදනය අද හෝ හෙට දින නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි වැඩබලන මුද්‍රණාලාධිපතිනිය සඳහන් කළේ.

 


මැතිවරණ කොමිසම අද රැස්වෙයි [11/08/2017 - 09:23]

මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා NEWS 24 කළ විමසුමකදී කියා සිටියේ.

කෙසේ වෙතත්, නව සීමා නිර්ණය අනුව පළාත් පාලන ආයතනයන් හී සභික සංඛ්‍යාව නියම කරන ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news