වසා දැමුණු යාපනය විශ්වවිද්‍යාලය 13 විවෘත වේ

 11/08/2017 - 07:55
7 reads

පන්ති වර්ජනයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ සියලූ පීඨයන් අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා යළි විවෘත කරන බව එහි උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතා පවසනවා.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් පසුගියදා මෙම පන්ති වර්ජනය ආරම්භ කළා.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කලා, විද්‍යා සහ කළමනාකරණ පීඨ පසුගිය මස 30 වනදා සිට වසා දැමීමටයි පාලනාධිකාරිය පියවර ගත්තේ.

අදාළ පීඨවල සියලූම සිසුන් විශ්වවිද්‍යාලය ආරම්භ කරන දිනට පෙර දිනයේ පස්වරුව වන විට නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවයි යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news