දෙසැම්බරයේදී සහල් මෙට්‍රින්ටෝන් එක්ලක්‍ෂ තිස් දහසක් ආනයනය කිරීමට සැලසුම්

 11/08/2017 - 07:32
3 reads

රුපියල් කෝටි එකසිය තිස් හයක් වටිනා ආනයනික නාඩු සහල් මෙට්‍රින්ටෝන් විසි දහසක් මේ වන විට වෙළෙඳපොලට නිකුත් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

පසුගිය සතිය තුළ ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම සහල් තොගය ලංකා සතොස සහ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වෙළෙඳපලට නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ලබන දෙසැම්බර් මාසය වන විට තවත් නාඩු මෙට්‍රින්ටෝන් පනස් දහසක්, සම්බා මෙටි්‍රක් ටෝන් තිස් දහසක් සහ සුදු කැකුළු මෙට්‍රින්ටෝන් පනස් දහසක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා පවසන්නේ.

වෙළෙඳපොල තුළ මේ වන විට කිසිදු සහල් හිඟයක් නොමැති බවත්, දේශීය සහල් මිල ඉහළ මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news