ඉන්ධන නෞකාවක් අද දිවයිනට - පෙට්‍රල් මෙට්‍රින්ටෝන් 3000ක් බෙදාහැරීමට සූදානම්

 11/08/2017 - 07:17
96 reads

ඉන්ධන රැගත් නෞකාවක් අද දින දිවයිනට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා

අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ අද පස්වරු 7.00 ට පමණ එම නෞකාව දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ඒ දිවයිනට පැමිණි පසු ඉන්ධන ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, ලබන 11 වන දා ඉන්ධන රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන් රැගෙන එනු ලබන ඉන්ධන ප්‍රමාණය මෙට්‍රින්ටෝන් 15,000 සක්.

මෙම ඉන්ධන නෞකා දෙකෙන්ම ගෙන එනු ලබන ඉන්ධන දින 20 කට ප්‍රමාණවත් වන බවයි උපාලි මාරසිංහ මහත වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද දිනයේදි පෙට්‍රල් මෙටි්‍රක් ටොන් තුන්දහසක් ඉන්ධන පිරවුම් හල් වෙත බෙදාහැරීමට සූදානම් කර ඇති බවයි.

මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රින්ටෝන් 2,500 ක් බව එම නිවේදනයේ සඳහන්.

ඊයේ දිනයේ ද වෙළෙඳපොලට පෙට්‍රල් මෙට්‍රින්ටෝන් 3,000 ක් බෙදාහැර තිබෙනවා.

ඒ අනුව, විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විටත් අවශ්‍ය තරම් පෙට්‍රල් තොග පවතින බවයි.

මේ හේතුවෙන්, පෙට්‍රල්, වාහනවලට පමණක් ලබාදිය යුතු බවට පනවා තිබූ නීතිය ද ඊයේ රාත්‍රී කාලයේදී ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

දිවයින පුරා පෙට්‍රල් හිඟයක් ඇති වූයේ අයි.ඕ.සී සමාගම විසින් ආනයනය කරන ලද මෙටි්‍රක්ටොන් තිස්දහසක පෙට්‍රල් ඉන්ධන තොගයක් නියමිත ප්‍රමිතියකින් තොර වීම හේතුවෙන් රජය එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රී කාලයේදී දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් දක්නට ලැබුණා.

මේ අතර NEWS 24 වාර්තාකරුවන් සඳහන් කළේ අද අළුයම්කාලයේ සිට ද ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පොලීම් දක්නට ලැබන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news