යළිත් දුම්රිය වැඩවර්ජනයක්

 11/08/2017 - 06:23
132 reads

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

මෙම වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය රියැදුරන්ගේ සංගමය සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සහය හිමිව ඇති බව සඳහන්.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළ ද නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news