ඔක්තෝබර් විප්ලවයේ සියවස් සමරුවට ජනපති එක්වෙයි

 11/08/2017 - 06:00
8 reads

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ නෙථම් පොකුණ රගහලේ දී සංවිධානය කොට තිබූ විශේෂ සැමරුම් උත්සවයකට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සම්පාදනය කරන ලද ලාංකීය විද්වතුන්ගේ ලිපි එකතුවක් ඇතුළත් ,ඔක්තෝබර් විප්ලවය ඉදිරියටම, යන ග්‍රන්ථය කොමියුනිට්ස් පක්ෂයේ අධ්‍යාපන අංශයේ ලේකම් අගා ජයසේන මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

සංස්කෘතික අංග රැසකින් මෙම සමරුව විචිත්‍රවත් ව තිබිණි.

කථානායක කරූ ජයසූරිය, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් ද, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ඇතථ නිලධාරින් ද, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියූ ගුණසේකර මහතා ඇතුථ පක්ෂ සාමාජිකයින් සහ විද්වතුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

news24.lk
News24
sri lanka news 24
24 news