තරුණයෙකුට පහරදුන් සහකාර පොලිස් අධිකාරීට චෝදනා පත්‍රය භාරදෙයි

 11/06/2017 - 13:41
130 reads

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට එරෙහි චෝදනා පත්‍රය අද දිනයේ භාරදෙන බව ජාතික පොලිස් කොමිසම පවසනවා.

එහි ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ අදාළ චෝදනා පත්‍රය පසුගිය සිකුරාදා  දිනයේදී සකස් කර අවසන් කළ බවයි.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය භාරදීමෙන් අනතුරුව මාසයක කාලයක් ඊට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයාට අවස්ථාව හිමිවනවා.

අදාළ මාසය අවසන් වීමෙන් අනතුරුව ජාතික පොලිස් කොමිසම යළි රැස්වීමෙන් පසු ඔහු විසින් ඉදිරිපත් කළ නිදහසට කරුණු සලකා බැලීමට නියමිතයි.

චෝදනා පත්‍රයේ කරුණු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන එමඟින් සිදුකෙරෙන අතර ඉන් අනතුරුව ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news
protest
Hambanthota
ASP
Thushara Daluwatte