ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකිරීම් ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කතා කරයි

 11/05/2017 - 16:22
98 reads

ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වි ඇති සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලෝඩ් නේස්බි පවසනවා.
දරුස්මාන් වාර්තාව පදනම් කර ගනිමින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය ඒවා බවයි ඔහු අවධාරණය කළේ.
එම වාර්තාව තුළ යුද සමයේ අවසන් සතියේ සිවිල් වැසියන් 40000 ක් පමණ මරා දැමූ බවට ශ්‍රි ලංකා හමුදාවට චෝදනා එල්ල කළ ද එය සත්‍ය වශයෙන්ම 7000ක් පමණ බව ලෝඩ් නේස්බි ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news