විද්‍යා ඝාතකයන් පලා යාම ගැන නැවත CID පරීක්ෂණයක්

 11/05/2017 - 13:51
91 reads

යාපනයේ පුංකඩතිව් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ ඝාතකයන්ට පලා යාමට සහයෝගය ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නැවත පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගෙන් ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාල සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නැමැත්තාට පලා යාමට සහයෝගය ලබා දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු පදනම් කරගෙන මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශීදරන් මහතාගෙන් ද ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව සඳහන්.
ප්‍රධාන සැකකරුට පළා යාමට සහයෝගය ලබා දීම හේතුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මීට පෙර අත්අඩංගුවට පත් වුණා.

news24.lk
News24
sri lanka news 24
24 news
vidya murder case