UPDATE : අරියාලෙයි වෙඩි තැබීමේ සිද්ධියට විශේෂ කාර්යය බලකායේ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

 11/03/2017 - 16:09
97 reads

යාපනය අරියාලේ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

එදිනට ඔවුන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතයි.


අරියාලෙයි වෙඩි තැබීමේ සිද්ධියට විශේෂ කාර්යය බලකායේ දෙදෙනෙක් අත්අඩංගුවට [ 11/03/2017 - 15:39]

යාපනය අරියාලේ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට සැකපිට යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 22 වනදා යාපනය අරියාලේ මනියන්තෝට්ටම් ප්‍රදේශයේදී නාදුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගොස් තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පසුගිය 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news