ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාව අද

 11/03/2017 - 08:33
94 reads

එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර තිබූ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්‍ෂය කියා සිටියේ තමන් ලිපියකින් ඉදිරිපත් කළ කොන්දේසිවලට එකඟවන්නේ නම් පමණක් සාකච්ඡාවට එක් වන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
SLFP