ඒකාබද්ධය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීන්ගෙන් පක්ෂ නායකට ලිපියක්

 11/02/2017 - 13:47
88 reads

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් අද පක්ෂ නායකත්වය වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ හෙට දිනයේ සාකච්ඡාවකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙසින්.

අදාළ සාකච්ඡාවට සහභාගී වීමට නම් කොන්දේසි  කිහිපයක් සපුරාලිය යුතු බවට එම ලිපිය මගින් ඉල්ලීමට නියමිතව තිබෙනවා.

ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් සිදුවූ අතර එහිදී අදාළ සාකච්ඡාවට සහභාගී නොවීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස අදාල මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news