උසස් පෙළ සමතුන් සහ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට

 10/31/2017 - 10:39
2565 reads

උසස් පෙළ සමත් සහ ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක  මහතා පැවසුවේ පවතින පුරප්පාඩුවලට අනුව 06 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා එම ගුරුපත්වීම් ලබාදීමට නියමිත බවයි.
ඒ අනුව බඳවා ගැනීමට අපේක්ෂිත ගුරුවරුන් සංඛ්‍යාව 6686ක්.
ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු හිඟය පියවීමට මෙයින් අපේක්ෂා කරන බවයි හේමන්ත ප්‍රේමතිලක මහතා පැවසුවේ.
සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන මාධ්‍යයන් ත්‍රිත්වයෙන්ම ගුරුවරුන් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news