දහය ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී දුම්වැටි සමග කතක් දැලේ

 10/31/2017 - 10:22
8 reads

රුපියල් දහසය ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද (31) ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා.
සැකකාරිය කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.  අද (31) අලුයම 5.30ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. පසුව ඇය හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් ඇයගේ ගමන් මල්ල පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ගමන් මල්ලේ සඟවා තිබූ දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දුම්වැටි කාටුන් 168ක දුම්වැටි 33,600ක් තිභී සොයා ගත් බවයි රේගුව පවසන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු විසින් සිදු කරනු ලබනවා.

news24.lk
News24
sri lanka news 24
24 news