ලංකා කම්කරු කොන්ග්‍රසයේ විරෝධතාවයට වාරණ නියෝගයක්.

 10/29/2017 - 21:15
12 reads

ලංකා කම්කරු කොංග්‍රසය විසින් තලවකැලේ නගර මධ්‍යයේ අද පැවැත්වූ විරෝධතාවයකට අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, තලවකැලේ පොලිසිය මඟින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි.

විරෝධතාවයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් තලවකැලේ බස් නැවතුම්පොළ ඉදිරිපිටට ගොස් අමාත්‍ය පී. දිගම්බරම් මහතා ලෙස සෑදූ පඹයෙකුටද  ගිනි තබනු ලැබුවා.

පැයකට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.

අධිකරණ නියෝගයත් සමඟ විරෝධතාවයට එක්වූ පිරිස  ඉතා සාමකාමීව විසිරගොස් තිබෙනවා.

හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම ”පූල් බෑන්ක්” ලෙස වෙනස් කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news