අරියාලේ වෙඩි තැබීමේ පරීක්ෂණ සී.අයි.ඩි.යට

 10/29/2017 - 13:52
13 reads

යාපනය අරියාලේ මනියන්තෝට්ටම් ප්‍රදේශයේදී පසුගිය දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන සිදු කිරීම පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගියේ පසුගිය 22 වනදායි.

නාදුනන කණ්ඩායමක් තරුණයාට  වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධව වැදගත් සාක්ෂි රැසක් හමුවි ඇති බව යාපනය පොලිසිය පවසනවා.

සිදුවීම සිදුවු ස්ථානය ආසන්නයේ නිවසක CCTV  දර්ශන පෙළක් ආරක්ෂක අංශ නිරීක්ෂණය කර  තිබෙනවා.

අදාළ දර්ශන අනුව වෙඩි ප්‍රහාරයට ලක්වු තරුණයා ගමන්ගත් යතුරුපැදියට ඉදිරියෙන්  ගමන් කළ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියට පසු පසින් ගමන් කරන තවත් යතුරුපැදියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවද යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යම්  සැක කටයුතු කණ්ඩායමක්  ත්‍රිරෝද රථයක් ගමන් කොට ඇති බවින් ඒ පිළිබඳ විමර්ශන අංශ අවාධානය යොමුව තිබෙනවා.

අරියාලෙයි ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමක් හේතුවෙන් 24 හැවිරිදි දොන් බොස්කෝ රික්මන් නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

(වවුනියාව - මාධව කුලසූරිය)

news24.lk
News24
sri lanka news 24
24 news
Ariyale
Jaffna
shoot