රෝහින්ග්‍යා ජනතාව වෙනුවෙන් රජයෙන් අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක්

 10/27/2017 - 13:23
52 reads

මියන්මාරයේ සිට පලා යන රෝහීන්ග්‍යා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසිම සඳහා ශ්‍රී ලංකා රජය මානුෂිය ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් පනස් දහසක මුදලක් මෙරට පිහිටි සරණාගතයන් පිළිබඳ කාර්යාලය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
සරණාගතයින් වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබාදුන් එම සහාය ඉතා අගය කරන බවයි මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය සදහන් කළේ.
ලොව පුරා සරණාගතයන් ලෙසව සිටින රෝහින්්‍යා ජනතාවට ආධාර කිරීම මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 360 ක අරමුදලක් සකස් කර ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ලොව බොහෝ රටවල් සිය සරණාගතයන් පිළිබඳ දේශීය කාර්යාල හරහා එම අරමුදලට ආධාර කර ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news