මානසික සෞඛ්‍ය ගැන ශ්‍රී ලංකාවේ වැඩ බලන්න විදෙස් රටවලට සුව ඇමතිගෙන් ආරාධනාවක්

 10/26/2017 - 08:12
7 reads

මානසික සෞඛ්‍ය පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරික්ෂණය කිරිම සඳහා අනෙකුත් රටවලට ආරාධනය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෙසු සමාජික රටවලින් ඉල්ලීමක් කරනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ උරුගුවේ මොන්ටියාගෝ අගනුවර දී පැවැත්වෙන බෝ නොවන රෝග මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය සම්මන්ත්‍රණයට එක්වෙමින්.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ උරුගුවේ ජනාධිපතිවරයා සංවිධානය කළ බෝනොවන රෝග මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය සම්මන්ත්‍රණය උරුගුවේ මොන්ටියාගෝ අගනුවර දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඞ්රොස් ඇඩනොම් ගේබ්රියසස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
විවිධ රටවල් නියෝජනය කරමින් ජනාධිපතිවරුන් 05 දෙනෙකු සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු එම සම්මන්ත්‍රණයට සහභාගි වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රරැමනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති බව එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news