උපාලි කොඩිකාර බන්ධනාගාරයෙන් තංගල්ල රෝහලට

 10/25/2017 - 20:21
85 reads

හම්බන්තොට පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබුණ ද වෙද්‍යවරයා නොමැතිවීම හේතුවෙන් යළිත් හෙට දිනයේ ඔහු රෝහල් ගත කිරීමට නියමිතයි.

මේ අතර, හම්බන්තොට උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ

සහ සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණී බවයි NEWS 24 වාර්තාකරු පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news