නව නාවික හමුදාපතිවරයා රියර් අද්මිරාල් එස්.එස්.රණසිංහ

 10/25/2017 - 12:00
48 reads

නව නාවුක හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ මහතා පත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත් කිරීම සිදු කර ඇති බවයි.
එම නව පත් වීම හෙට සිට ක්‍රියාත්මක වන බව සඳහන්.
නව පත්වීමත් සමග රියර් අද්මිරාල් එස්.එස් රණසිංහ මහතා, වයිස් අද්මිරාල් නිලයට උසස් කරනු ඇති.
සිය පත් වීමේ ලිපිය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් බාරගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news