නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සිදු කෙරෙන සියලු ප්‍රයත්නයන් අතහැර දමන ලෙස රජයට දන්වා සිටිනවා

 10/24/2017 - 19:46
44 reads

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මේ වනවිටත් සිදු කෙරෙන සියලු ප්‍රයත්නයන් අතහැර දමන ලෙස රජයට දන්වා සිටින බව අමරපුර මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද  හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව සම්බන්ධයෙන් කොළඹ බෞද්ධ මහා සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම අවස්ථාවට එක් වූ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කියා සිටියේ නව ව්‍යවස්ථාවෙන් රටේ පවතින ඒකීය භාවයට අත නොතැබිය යුතු බවයි.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news