“Leggings අඳින්න එපා – පිරිමි හිත් පාපයට පොළඹවනවා”

528

Leggings අඳින්න එපා කියල කාන්තාවන්ගෙන් ඉල්ලන මවක් පිළිබඳ දැන් වැඩිපුර අවධානය යොමු වෙලා.

පිරිමි ළමයි 4 දෙනෙකුගේ මවක් වන ඇය Maryann White නම් ඇමරිකානු කතක්.

ඉන්දියානා විශ්වවිද්‍යාලයේ තරුණියන් leggings වලට ඇබ්බැහිවී ඇති බව පෙන්වාදෙන ඇය ඊට විරෝධය ප්‍රකාශ කරයි.

ඇය පවසන්නේ, තරුණවියට පා නගන තම පුතුන් සිව් දෙනා සමග යම් ගමනක යෙදෙනවිට leggings තරුණියන්ගේ දර්ශනයෙන් ගැලවීමට ඔවුන්ට අපහසු බවයි.

එය මවක ලෙස තමන් දැඩි අපහසුතාවට සහ මහත් ලජ්ජාවට පත්වන සිද්ධියක් බවයි ඇය පුවත්පතකට දන්වා ඇත්තේ.

“.. ලෙගින්ස් ඇන්දහම ඇතුලේ දේවල් පේන්ට් කරලා වගේ පේනවා.. ඒක පිරිමින්ගේ හිත් පාපයට පොළඹවනවා .. ඇයි මේ බොහෝ තරුණියෝ නොදියුණු විදිහට හිතන්නේ…..? ” ඇය ප්‍රශ්න කරයි.

Your Comments