Google සමාගමේ තීරණයත් සමග Huawei ෆෝන්වලට මොකද වෙන්නෙ…?

120

අමෙරිකාවේ ගූගල් සමාගම, චීනයේ හුවාවි සමාගම ඇති කරගෙන තිබූ වෙළෙඳ ගිවිසුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රොයිටර් පුවත් සේවය පවසන්නේ ඒ අනුව ප්ලේ ස්ටෝර් හරහා ලබාදී තිබූ ගූගල් මැප්, ජීමේල්, අනෙකුත් ගූගල් ඇප් සහ යූ ටියුබ් ආදී වශයෙන් හුවාවි දුරකථන වෙත ලබාදෙන සේවාවන්හි සීමා කිරීමකට ලක්වීමක් සිදුවීමට නියමිත බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා හුවාවි දුරකථන සමාගම අමෙරිකාවු තුළ අසාදු ලේඛනගත සමාගමක් ලෙසට නම් කෙරුණා. කෙසේ වෙතත් ලොව වැඩියෙන්ම ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන සමාගම් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ චීනයේ හුවාවි සමාගයි.
ගූගල් සමාගමේ මෙම නව පියවර හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳ පොළට නිකුත්වීමට නියමිත හුවාවි ජංගම දුරකථන සඳහා ගූගල් ප්ලේ ස්ටෝර් හරහා සේවා ලබාගැනීමේ අපහසුතාවයන් මතුවන බවයි ගූගල් සමාගම පවසන්නේ. කෙසේ වෙතත් දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති හුවාවී ජංගම දුරකථන සඳහා ගූගල් සමාගමේ සේවා සැපයීම සිදුවන නමුත් 2019 අවසන් කාර්තුවේදී නිකුත් වීමට නියමිත අන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණයත් සමග බාධා එල්ල විය හැකි බවද වාර්තා වනවා.

  • 1- ගූගල් විසින් අලුත් Huawei ෆෝන් වලට ඔවුන්ගේ ඇප් ස්ටෝර් එකට පිවිසෙන්න, ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ.
  • Gmail, Youtube වගේම ගූගල් විසින් සපයන තවත් බොහෝ ඇප්ස් ප්‍රමානයක්, Huawei අලුත් ෆෝන්ස් වලට භාවිතා කරන්න බැරිවෙනවා.
  • දැනට ඔබ අතේ තියන හුවාවි ෆෝන් එකට ඔය කියන ඇප් ස්ටෝර් එක සහ අනෙක් සියලුම ගූගල් සේවා (Youtube, Gmail, Google Maps ඇතුලුව ) කිසිම භාදාවක් නැතුව භාවිතා කරන්න පුලුවන්.
  • ෆෝන් එක ක්‍රියාතමක වෙන ඇන්ඩ්‍රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකත් ගූගල් උනාට, ඕපන්සෝස් හෙවත් විවෘත මෘදුකාංගයක්. ඒක භාවිතාවට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබේ දැනට තියන හුවාවි ෆෝන් එකට සොෆ්ට්වෙයා අප්ඩේට් එන එක නවතිනවා. ඒක නැවතුනා කියලා ඔබේ දුරකථනයට වෙන බරපතල හානියක් නෑ.
  • අද සිට නිශ්පාදනය වෙන කිසිම හුවාවි දුරකථනයකට ඔය කියන AppStore, Gmail,Youtube වගේ ඒවා භාවිතා කරන්න බෑ
  • අලුත් Android අප්ඩේට් එන්නෙත් නැති වෙයි.
  • මේ තත්වය යටතේ, අදින් පස්සෙ නිෂ්පාදනය වන හුවාවි ඩිවයිස් එකකට අසීරු තරඟයකට මුහුන දෙන්න වෙයි. යූටියුබ් බලන්න බැරි හුවාවි එකක් ගන්නවට වඩා ඒක පුලුවන් එකක් ගන්න එක සරල සංසිද්ධියක්.
  • හුවාවි සතුව දැනටමත් ඔවුන්ගේ ඇප්ස්ටෝර් එකක් තියනවා, ඒක චීනය සඳහාම නිර්මානය උන චීන භාශාවෙන් තියෙන එකක්. බොහෝවිට ඔවුන් අනාගතයේ ඕක ඉංග්‍රීසි ඇප්ස් දක්වා විකාශනය කරයි.
  • නමුත්, දැනට ඔබේ අතේ තියන හුවාවි ෆෝන් එකට කිසිම දෙයක් වෙන්නෙ නෑ. අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් එනවනම් ඒක එන්නෙ නැතිවෙයි. එහෙම උනා කියලා ෆෝන් එක අද තියන තත්වයෙන්ම වැඩ කරන එකට කිසිම බාධාවක් නෑ.

කෙසේ වෙතත් හුවාවි සමාගම පවසන්නේ ඉදිරියේදී තම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.

 

Your Comments