සිගිරි ලදුන්ට අතවර කොට වසර 50 යි

 10/13/2017 - 16:43
97 reads

වර්ෂ 1967 ඔක්තෝබර් 14 වැනි දින රාත්‍රියේදී  දී අනවසරයෙන් සීගිරි සිතුවම් ගුහාවට පැමිණි සාහසිකයන් පිරිසක් සිතුවම් මත කොළ පැහැති වර්ණයක් තවරා තියුණු උල් අයුධයකින් ඇන කඩා දමා විකෘති කර තිබිණි.

මේ සිදුවීමට  අදට වසර 50කි.

මේ සිහිගන්විම ඒ නිමිත්තෙනි, වර්තමානයේ මේ අපරාධය බොහෝ දෙනකුගේ මතකයෙන් ගිලිහි ගොසිනි.

මෙවැනි ජාතික අපරාධ මෙරට කිසිදා නොවන්නට නැවත නැවත ආවර්ජයනය කල යුතුවේ.

මේ සිදුවීමට පෙර මේ සිතුවම් සියල්ලම පිටපත් කර තිබුණු අතර අද එම සිතුවම් ස්වභාවය දැක ගැනීමට හැකියාවක් නැත.

එවකට මෙරට පාලනය කළ අගමැති ඩඩ්ලි සේනානායක මහතාත් සංස්කෘතික ඇමැති ලෙස කටයුතු කළ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාත් වහාම ක්‍රියාත්මක වී එවකට බිතු සිතුවම් කලාව පිළිබඳව ලෝ පතල විද්වතකු වූ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි ඔක්තෝබර් 22 දින ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රතිසංස්කරණ කටයුතු එතුමාට බාර දී ඇත.
 
ඊට පසු දින සීගිරිය බලා යන විට එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ රාජා ද සිල්වා මහතා තීන්ත ඉවත් කිරීමේ කාර්යයේ යෙදී සිට ඇත.

මෙහි දී ආචාර්ය ලුසියානෝ මරන්සි විසින් ගෙනෙන ලද ඩෙකාපෙක්ස් නමැති රසායන කපු පුළුන්වලින් පොඟවා ඇතිල්ලීමෙන් තීන්ත ඉවත් කර ඇත.

ඉන්පසු පැතලියට සාදාගත් කපු පුළුන් කැබැල්ලක් ට්‍රලෙන් නමැති රසායන පොඟවා ඩෙකා පෙක්ස් ආලේප කළ මතුපිට නැවත පිරිමැද ඇත.

නැවත නැවත මෙය කිරීමෙන් පසු කොළ පැහැති තීන්ත හා කහ පැහැය ද ඉවත් විය.

එහි දී සිතුවම් මතුපිට තිබුණු දිලීර මෙන්ම බෙල් මහතා පලුදු වැසීම සඳහා භාවිත කළ තීන්ත ද ඉවත් විය.

මෙයින් සිදු වූයේ මුල්ම සිතුවම නැවත මතු වීමය.

එහෙයින් අද අපට කාශ්‍යප රජ දවස අඳින ලද මුල් ම සිතුවම් දක්නට ඉතිරි වී ඇත.

එතැන් සිට අද දක්වා ම සීගිරි සිතුවම් මහජනයාට නිදහසේ නැරඹීමට අවස්ථාව උදා වී ඇත.

මහජනයා, නිදහසේ වැල නොකැඩී සිතුවම් නරඹති.

ආරක්ෂාවට නිලධාරීන් සිටිය ද ඔවුන් ගෙන් සිදු වන එක ම සේවාව සංචාරකයන් ගේ අවසර පත් පරීක්ෂා කිරීමත් සිතුවම් විදුලි ආලෝක භාවිතයෙන් ඡායාරූප ගන්නේ ද යන්න සොයා බැලීමත් ය.

මහජනයා වැල නොකැඩී එන සිතුවම් ලෙන් බිත්තියත් මඟී පාලමේ කෙළවරත් අතර ඇත්තේ කුඩා ඉඩකි.

එම ඉඩකඩ ප්‍රමාණයට දැරිය නොහැකි ප්‍රමාණයක් සංචාරකයෝ එහි රැඳී සිටිති.

පිටතින් පිරිසිදු වාතාය සිතුවම් ලෙනට නොලැබීම නිස දිගු කලෙක සිට ලෙනේ සිතුවම් අව පැහැගැන්වීම ඉතා සෙමින් සිදුවේ.

කෙසේ වෙතත් පවතින තත්වය යටතේ සිතුවම් ආරක්ෂා කර ගැනීමට සාර්ථක විද්‍යාත්මක ක්‍රමවේදයක් යෙදිය යුතු වන්නේ යැයි පවසා වර්තමාන අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සීගිරියේ සංචාරයකින් පසුව නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ වහාම මේ අවපැහැ ගැන්වීම වඩාත් වේගවත්ව සිදු විය හැකි බැවිනි.
 
සීගිරි සිතුවම් සංරක්ෂණය කිරීමට විදෙස් විද්වතුන්ගේ සහය ලබාගෙන මෙරට සිටින විද්‍යාඥයන්ගේ දැනුම හා අවබෝධය ද ලබාගෙන් සංරක්ෂණය කරන ලෙසය.

එහෙත් වැඩි අවබෝධයක් හා නව ක්‍රමවේදයක් යටතේ සිතුවම් සංරක්ෂණය කිරීම උදෙසා විදෙස් විද්වතුගේ සහය ලබා ගත්තාට වරදක් නැත.

ප්‍රමාද වුවත් තිබෙන තත්ත්ව යටතේ සිතුවම් සංරක්ෂණය කිරීමට පෙලඹීම අනාගත පරපුර වෙනුවෙන් කරන උදාර මෙහෙයක් වනු ඇත.

සොබා දහම මගින් වසර 1500කට වඩා වැඩි කාලයක් රැක දුන් සීගිරි සිතුවම්වලට සොබාදහමට වින කටින්නට යැමෙන් සිදු වී ඇති හානිය බලධාරීන් අවබෝධ කරගත යුතු ව ඇත.

මහජනතාව තවදුරටත් සිතුවම් අසල ගැවසී ඒවා ඡායාරූප ගනිමින් නැරඹීමට තිබෙන අවසරය ඉවත් කළ යුතු ය.

සංචාරකයන් ගෙන් බහුතරයක් සීගිරි පැමිණෙන්නේ හුදෙක් විනෝදය සඳහාමය.

එහෙත් විද්‍යාත්මක හෝ සෞන්දර්යාත්මක ගවේශනයක යෙදෙන්නකුට සැබෑ සීගිරි සිතුවම්  නරඹා අධ්‍යනය කිරීමට අවසර තිබිය යුතු වෙයි.

එසේ නොවුණ හොත් තවත් දශකයක් වැනි සුළු කාලයෙක දී සීගිරි සිතුවම්වල විනාශය වඩාත් වර්ධනය වීම වැළැක්විය නොහැකි දෙයක් වෙයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news