උතුරු කොරියාවෙන් පලා ආ තරුණියගේ පාපොච්චාරණය

 10/11/2017 - 16:12
176 reads

අද වන විට උතුරු කොරියාව අර්බුද රැසකට තුඩු දී සිටින රාජ්‍යයක්. දිගින් දිගටම එරට පවත්නා අර්බුදකාරී තත්වය සම්බන්ධව විවිධ චෝදනා ඉදිරිපත් වනවා. 2014 වසරේ එරටින් පලා ආ තරුණියක් තම රටේ සැබෑ ස්වරුපය සම්බන්ධව අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසයි. ඒ අනුව Yeonmi Park නම්  24 හැවිරිදි තරුණියක් මෙම හෙළිදරව්ව සිදු කරනවා.

“මට මෙය කිරීමට සිදු වෙනවා මොකද මෙය නිකන් කතා කිරීමක් නොවේ. මෙයයි පණිවිඩය මගේ මිනිසුන්ට ලොවට කියා සිටිය යුතු වන්නේ. කොරියාව යනු සිතාගත නොහැකි රටකි. අපිට නැරඹීමට තිබුනේ එකම එක රුපවාහිනී සේවයක් පමණි. අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ වගේම සින්දු කියන්න, නටන්න, අදහස් ප්‍රකාශ කරන්න, අපිට අවශ්‍ය විදිහට අඳින්න පළදින්න නිදහසක් අපිට නැහැ. උතුරු කොරියාවේ පමණයි ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබාගතහොත් මරණ දඬුවම ලබාදෙන්නේ. උතුරු කොරියාවේ ඉතා බිහිසුණු ක්‍රියාවන් සිදුවෙන බව කියා යුතුයි. මම එහි ජීවත් වූ කාලයටම ආදර සම්බන්දයක් පිළිඹඳ අසාවත් නැත. එහි ආදරය සම්බන්දයෙන් ලියවුනු කිසිදු පොතක්, පත්තරයක්, ගීතයක්, චිත්‍රපටයක් ගැන අසන්නටවත් නැත. බිහිවුණු සෑම නිර්මාණයකින්ම මිනිසුන්ගේ මොළයට දේශපාලන අදහස් එක් කරයි.

මම ඉපදුනේ 1993. නිදහස හා මානව අයිතිවාසිකම් යන වචන වල තේරුම් දැනගැනීමටත් පෙරම මගේ උපතේදීම මාව පැහැරගැනීමකට ලක්වුණා. මේ වෙනකොට උතුරු කොරියානුවන් ඉතා දුෂ්කර ලෙස නිදහස බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් නිදහස වෙනුවෙන් ප්‍රාණය පවා බිලි දීමට සූදානමිනුයි ඉන්නේ. මට අවුරුදු 09ක් වන විට මගේ යාලුවාගේ මව ප්‍රසිදියේ මරා දැමුවා. එයට හේතුව කුමක්ද? හොලිවුඩ් චිත්‍රපටයක් නැරඹීම. ඒ ආධිපත්‍ය හා විශිෂ්ට පාලනය ගැන සැකකරන්නට යාමෙන් සිදු වන්නේ පරම්පරා 03ක් සිරගත කිරීම හෝ මරණ දණ්ඩනය ලබා දීමයි .

මගේ පියා උතුරු කොරියාවෙන් පැන ගිය පසු චීනයේ දී මරණයට පත්වූවා. අපිට ඔහුව භූමදාන කිරීමට සිදුවුයේ පාන්දර 03ට හොර රහසේය. මට එදා කෑගහලා අඩන්නවත් වුණේ නෑ බය නිසා. අද මන් උතුරු කොරියාවෙන් පලාවිත් තිබෙනවා. මම දැක්කා චීන ජාතික තැරවුකරුවෙකු විසින් මගේ අම්මව දුෂණය කරනවා. ඔහුගේ ගොදුර වුනේ මම එතකොට මගේ වයස අවුරුදු 13යි. අපේ රටේ ප්‍රසිද්ධ වැකියක් තිබෙනවා ගැහැනුන් දුර්වල වුවත් මවුවරුන් ශක්තිමත් යන්නයි. එය සත්‍ය කරමින් අම්මා මාව බේරගන්න එයාගේ ජීවිතේ කැපකලා .

අනතුරට භාජනය වියහැකි උතුරු කොරියානු සරණාගතයින් චීනයේ 300000කට අධික ප්‍රමානයක් සිටිනවා. උතුරු කොරියානු ගැහැණු ජනයාගෙන් හා තරුණ කාන්තාවන්ගෙන් 70%ක් පමණ තාඩන පීඩනවලට යටව ජීවත් වනවා. සමහර වෙලාවට තරුණ ළමයින් ඩොලර් 20 ක් වැනි සුළු මුදලකට විකිනෙනවා.”

ඇගේ මෙම සංවේදී කතාව සම්පුර්ණයෙන් නැරඹීමට පහත වීඩියෝව නරඹන්න

news24.lk
News24
sri lanka news 24
24 news