හදිසියේම බූරු ඉල්ලුම ඉහළට

 10/11/2017 - 13:04
214 reads

ලොව පුරා බූරුවන්ට ඇති ඉල්ලුම හදිසියේ ඉහළ ගොස් තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ චීනයේ බූරැවන්ගේ මස් සහ සමට ඇති ඉල්ලුමයි.

බූරුවන් යනු ඇතැම් විට මිනිසුන් විසින් උපහාසයෙන් බැහැර කරන සත්ව විශේෂයක් වුවත් අතිතයේ සිටම ප්‍රවාහන කටයුතු සදහා මිනිසාට ඉතාමත් ප්‍රයෝජනවත් වූ සත්වයෙක්.

 කෙසේ වුවත් අශ්වයාට සමාන පෙනුමක් ඇති බූරුවා අශ්වයාට වඩා ප්‍රමාණයෙන් තරමක් කුඩා සත්වයෙක් ද වනවා.

 අද වන විට බූරුවන්ගේ සම සහ මස් චීනයේ පාරම්පරික වෙද හෙදකම් සදහා මෙන්ම ආහාර නිෂ්පාදනය සදහා නැතිවම බැරි දෙයක් බවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත් චීනයේ ඇති මෙම බූරු මස් සහ සම් ඉල්ලුමට අප්‍රිකානු රටවල් විසින් දැඩි විරෝධයක් එල්ල කරනු ලබන අතර බූරුවන් යනු අප්‍රිකානුවන්ට ප්‍රවාහන සහ කෘෂිකාර්මික කටයුතු සදහා නැතිවම බැරි සත්ව කොටසක් ද වනවා.

 මේ වන චීනයෙන් ඇති ඉල්ලුම නිසාම බූරුවන්ගේ මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර එම සතුන් සොරකම් කරන සොරුන් ප්‍රමාණය ද ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news