උදාරි මුහුණු පොතේ හදිසියේ තැබූ සටහනේ ඇත්ත මෙන්න

 10/11/2017 - 10:19
678 reads

කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පී යුවලක් තමයි උදාරි කෞශල්‍යා උදයකුමාර් සහ සංගීත් සතරසිංහ කියන්නේ.

කලක් පුංචි තිරයේදී පෙම්වතුන් වූ උදාරි - සංගීත් මීට කාලයකට කලින් ඔවුන්ගේම කැදැල්ලකට එකතු වුණා.

ඉන්පස්සේ ගොඩක් ආදරෙයන්  කාලය ගත කරපු මේ යුවළ කාලයක් ඇමරිකාවේ නිව්යොර්ක් නගරයේත්  කළා.

නමුත් උදාරිගෙයි සංගීත්ගෙයි ආදර කතාව දෙදරීමකට ලක්වෙලා මේ වන විට දෙදෙනා වෙන වෙනම නිවෙස් 02ක ජීවත් වන බවයි ආරංචි වන්නේ.  

මේ බව තහවුරු වන ආකාරයේ සටහන් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ උදාරි සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

ඇය මුහුණුපොතට එක්කර තිබූ සටහන් අතරින් මෙම සටහන රසිකයන් අතරත් කතාබහට ලක්ව තිබෙන්නක්.

''පනටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි…
කරන්නට තියා හිතන්නටවත් නොහැකි බොරු වැරදි ඔබේ කර පිටින් යාවි…
අවංකකම අහිංසකකම සත්‍යවාදිබව හැම තැනකදීම ඔබව දුර්වල කරාවි…
බහුතරය වැරදි කරන ලෝකයේ ඔබව පහත හෙළිය හැකි පුංචි අවස්ථාවේදී ඔවුන් සියල්ලෝ එක්වී ඔබව බිමට ඇද දමාවි…
මීටත් වඩා අනන්ත අප්‍රමාණ බාධා ඔබ විඩාවට පත් කරාවි…
නමුත්…
විශ්වාස කරන්න ඔබ නිවැරදි නම් ඒ කිසිවක් ඔබ අදාළ කරගත යුතු නැති බව!
විශ්වාස කරන්න ඔබට මේ ලෝකේ වෙනත් තැනක නැවත අලුතින් පටන් ගත හැකි බව!
විශ්වාස කරන්න ඔබව ඔබ ලෙසින් බාරගන්නට කවුරුන් හෝ මෙලොව ජිවත් වන බව!
මතක තබා ගන්න,
ජීවිතය යනු ප්‍රශ්න හමුවේ සදහටම නිසොල්මන් වීම නොව…
ප්‍රශ්න වලට උත්තර හොයමින් හුස්ම ගැනීමයි!
දිනෙක ඔබේ වටිනාකම ඔබටම දැනේවි ඒ වෙනකන් ජීවිත බර දරාගන්න'' 

news24.lk
News24
sri lanka news 24
24 news