මැරුණත් සතුටින් ඉන්න මිනිස්සු මෙන්න

 10/10/2017 - 12:15
98 reads

මරණය යනු අපි කොයි කාටත් පොදු ධර්මතාවයක්. බොහෝ විට අපි අපේ ළබැදියෙක්ගේ වියෝවක් දරා ගන්නේ හැඩූ කදුලින්. මරණය යනු අපේ සංස්කෘතියට හා සදාචාරයට අනුව නම් ශෝක විය යුතු අවස්ථාක්. නමුත් බහුතරයක් රටවල් සහ ජන කොටස් මණය ශෝකයෙන් සමරද්දී ඥාතියෙකුගේ නැතිනම් හිතවතෙකුගේ මරණයක් විනෝදයෙන් උත්සව පවත්වා සමරන රටවලුත් මේ ලෝකයේ නැතිවාම නොවේ.

මරණයේ වියෝව කදුලින් සමරන්නට හුරු පුරුදු වූ අපට නම් මේ කතාව තරමක විමතියක් දනවනවාට සැකයක් නැහැ. නමුත් අප්‍රිකානු මහද්වීපය අසබඩ පිහිටි දූපතික රාජ්‍යයක් වන මැඩගස්කරයත් එසේ මරණය විනෝදයෙන් උත්සවාකාරයෙන් සමරන රටක්. ඔවුන් මෙම උත්සවය හදුන්වනුයේ 'ෆැමදිහානා' නමිනුයි. එනම් ‘ඇටකටු වලට හැරවීම' (turning of the bones) යන නමිනුයි.

වසර 04කට වරක් පමණක් පැවැත්වෙන මෙම උත්සවය මැඩගස්කරයේ ජනතාව පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන චාරිත්‍රයක් වීමත් සුවිශේෂයි. මෙය ක්‍රිස්තු වර්ෂ 17වන සියවසේදි පමණ ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කරනවා.

මරණයට පත්වූ පුද්ගලයාගේ ආත්මයට සම්පූර්ණ නිදහසක් ලැබීමට නම් ඒ පුද්ගලයාගේ ආත්මය පාරිශුද්ධත්වයට පත්වීමට නම් මෙම උත්සවය පැවැත්විය යුතු බව මැඩගස්කර වැසියන්ගේ විශ්වාසයයි. මරණයට පත්වූ පුද්ගලයන්ට තමන්ගේ ඇති ආදර ගෞරවය ප්‍රකාශයට පත්කිරීමටත් මැඩගස්කර වැසියන් මෙම උත්සවය අවස්ථාවක් කර ගන්නවා.

මෙම මරණ සැමරුම් උත්සව මැඩගස්ගරයේ ප්‍රදේශ ගණනාවකම පැවැත්වෙන අතර උත්සවය වෙනුවෙන් විශේෂයෙන් වටාපිටාව සැරසිළි කරන්නත් එහි ජනතාව අමතක කරන්නේ නැහැ. ඒ වගේම උත්සවයට සහභාගි වන්නන් තමන් සතු වන හොදම ඇදුම් පැළදුම් වලින් සැරසී උත්සවයට සහභාගී වනවා.

 දින 02ක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සදහා දුර බැහැර වෙසෙන නෑයින් පවා සහභාගීවන අතර බොහෝ විට ඔවුන් පැමිණෙන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට පයින් ගමනිනුයි.

මෙම උත්සවය අතරතුරදී වැඩිහිටියන් විසින් මරණය පිළිබදව සහ මෙම උත්සව පැවැත්වීමේ  ඇති වැදගත්කම පිළිබදව ළමයින්ට කියාදීමටත් අමතක කරන්නේ නැති බවයි වාර්තා වන්නේ.

සංගීත වාදනය කරමින් නර්තනයේ යෙදෙන ගමන්ම පිරිස විසින් මළ සිරුර සොහොන වෙත රැගෙන යනවා. මෙසේ රැගෙන යාමට පෙර මළසිරුර සිල්ක් රෙද්දෙන් ඔතා විවිධ සුවද විලවුන් ඉස රැගෙන යාමත් විශේෂයි.

news24.lk
News24
sri lanka news 24
24 news