නව යොවුන් දැරියෝ දස සිල් මාතාවෝ වෙති

 10/09/2017 - 18:44
90 reads

නව යොවුන් වියේ පසු වන දියණියන් දෙදෙනෙකු සියලු කම්සැප අතහැර සසුන්ගතව දසසිල් මාතාවෝ වීමේ පුවතක් පොළොන්නරුව ශ්‍රී උප්පලවන්නාරාම සිල් මාතා ආරාමයේදී සිදුව තිබෙනවා. පසුගිය 5 වනදාට යෙදී තිබූ වප් පුර පසළොස්වක පොහෝ දිනයේදී මෙලෙස දසසිල් මාතාවන් බවට පත් වූයේ හිඟුරක්ගොඩ දිවුලන්කඩවල විජේකෝන් මුදියන්සේලාගේ නවෝද්‍යා සෙව්මිණි (14) දියණිය සහ කන්තලේ සේරුවිල, ජයසූරිය අලංකරලාගේ සයුරි සාරංගා (12) යන දියණියන් දෙදෙනායි. නවෝද්‍යා සෙව්මිණි දියණිය දිවුලන්කඩවල ආසංසා සමාධි දසසිල් මාතාව ලෙසත් සයුරි සාරංගා දියණිය සේරුවිල නිසේවි සර්ධා දසසිල් මාතාව ලෙසත් දසසිල් මාතවන් බවට පත්වූවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news