''මම විවාහ වෙනවා දකින එකයි දැන් මගේ අම්මගෙ එකම ආශාව''

 10/09/2017 - 17:48
218 reads

ටෙලි නාට්‍ය ගීතයක් නිසා එක රැයින් ජනාදරයට පත්වන ගායිකාවක් තමයි ප්‍රවීණ ගායන ශිල්පිණී දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.

වසර ගණනක් ගෙවී ගියද ඇයගේ ගී හඬ රසික සිත් ඉතා වලට කා වැදී හමාරයි.

දීපිකා ඇයගේ මෙම ආගමනය පිළිබඳ ඇය පවසන්නේ මෙවැන්නක්.

''මම ක්ෂේත්‍රයට පිවිසිසෙන්නේ 'ආජුතපර ලාහිලා' ගීතයෙන්. ඒ ගීතය ඇතුළත් වුණේ භාග්‍යා ටෙලි නාට්‍යයේ. මම චිත්‍රපට වලත් ගී ගයා ති‍බෙනවා. ඒ වෙනුවෙන් ඇගයීමට ලක්වී තිබෙනවා. මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ චිත්‍රපටවලට ඉහළ ස්වර පරාසයක් ඇතිව ගීතය ගායනා කරන්න ඕනමයි කියලා. කටහඬක ඇති වැදගත්ම දේ තමයි සංවේදීත්වය. මම විශ්වාස කරන දේ ‍තමයි අපි ගයන ගීතය අනෙක් කෙනාට දැනෙන්න ඕන කියන එක. එතැනයි සාර්ථකබව තියෙන්නේ ගීයක. විශේෂයෙන්ම ගීයක් ගැයීමේදී, එය චිතුපටයකද ටෙලි නාට්‍යයකද, එහෙමත් නැත්නම් සාමාන්‍ය ගීතයක්ද කියන එක මට විශේෂත්වයක් නැහැ.මම ඒ ගීතය වෙනුවෙන් උපරිම දසායකත්වය දරනවා. මගේ කට හඬින් ඒ පදවලට තනු නිර්මාණයට උපරිම සාධාරණය ඉටුකරණවා.”

ජීවිතය ගලා යන අතර තනිකඩ දිවියට සමුදෙන්නට ඇය සුදානම්.

''මට මගේ ජීවිතේ හැමදේම ලැබුණේ මගේ අම්මා නිසා. අම්මගෙ ලොකුම බලාපොරෝතුව වු‍ණේ මම සාර්ථක වෙනවා දකින්නයි. අද අම්මා මා ගැන සතුටු වෙනවා. නමුත් ඒ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉටු කිරිමයි දැන් මගේ එකම අරමුණ. මම විවාහ වෙනවා දකින එකයි දැන් මගේ අම්මගෙ එකම ආශාව. අපිව ජීවත් කරන්නේ ආදරය. මට මේ රටේ රසිකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ජීවත් වීමට ආශාව ඇති වෙන්නේ ආදරය නිසා. ඒ නිසා ආදරය නැතිව මේ මිහිපිට කිසිවකුට ජීවත් වෙන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. මම බුදු දහමට ළැදි කෙනෙක්. මාව අගයන මාව තේරුම් ගන්න මනුෂ්‍යත්වයට ගරුකරන ආදරණීය කෙනෙක් කොහේ හෝ ඇති. එහෙම කෙනෙක් ඉන්න‍වා නම් ඔහුට පුළුවන් මට යෝජනාවක් ගෙන එන්න. මම එහෙම යෝජනාවක් එනතුරු බලාගෙන ඉන්නවා.“

news24.lk
News24
sri lanka news 24
24 news