නළු පෙනුම නිසා ගැහැණු අය එක්ක ඇති තරම් විනෝද වුණු පියුම් මහතා - රට පුරාම ළමයි 1300කට පියා වෙයි

 10/09/2017 - 12:24
474 reads

රහස් ඔත්තුකරුවකුගේ වාර්තාවකට අනුව රට පුරා ළමයින් 1300කට අධික පිරිසකගේ පියෙකු සොයාගනීමට හැකිව තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තා වන්නේ විදෙස් රටකින් වන අතර එරට සිටින 'සිඩ් රෝයි' නම් පෞද්ගලික රහස් ඔත්තුකරුවා මෙම වාර්තාව හෙළිකර තිබෙනවා.

ඒ අනුව ඔහුව හමුවීමට පැමිණි පුද්ගලයින් 02කු ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පියා සොයා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා පෞද්ගලිකව එකිනෙකා නොහඳුනන නමුත් 2001 වසරේදී ඔහුට භාර දුන් මෙම රාජකාරිය අවසන් කරද්දී මෙම පුද්ගලයින් දෙදෙනා එකම පියෙකුගෙන් බිහි වී තිබෙන බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මෙයින් පුදුමයට පත් වූ සීඩ් රෝයි මෙම පුද්ගලයාට දාව තවත් දරුවන් සිටීදැයි සෙවීමේ අමුතු උවමනාවක් නිසා වසර 15 ක් තිස්සේ DNA සාම්පල් එකතු කර පරීක්ෂාකිරීමෙන් හා මිනිසුන්ගෙන් විමසන ලද සාක්ෂි අනුව එම පර්යේෂණය මෙහෙයවා තිබෙනවා.

වයස අවුරුදු 87 ක් වන මෙම කතාවට පාදක වූ පියුම් මහතා විශ්‍රාම යනවිට ඔහුවත් නොදන්න පියෙකු නොමැති දරුවන් 1300 කට අධික ප්‍රමාණයකගේ පියා ඔහු බව සොයා ගත්තේ සියල්ලන්ම පුදුමයට පත්කරමින්.

මෙම රහස් පරීක්ෂකයා තමන්ගේ ජිවිතයේ වසර 15 ක්ම මෙම ගවේෂණය සඳහා වැයකර තිබුණු අතර එහි වාර්තාව එළිදක්වන්නට සුදානම් වෙමින් 87 හැවිරිදි පියුම් මහත්තයාගෙන් මෙයට හේතුව විමසා තිබෙනවා.

“අවුරුදු 60 ක් මං ජිවිතයේ උපරිම විනෝදය ලබපු කෙනෙක්. ඒ දවස් වල හිටපු ජොනි කෑෂ් නම් ජනප්‍රිය නළුවා ගේ පෙනුම මට තියෙන්නේ. ඒ දවස් වල ගැහැණු මට නළුවා කියල රැවටිලා මාත් එක්ක ඉන්න හරිම කැමතියි. ඉතිං මං ලියුම් බෙදන්න යන හැම තැනම ඉන්න ගැහැණු උදවිය එක්ක මං හිතවත්කම් පැවැත්තුවා. එයාලට මං නිසා ළමයි ඉන්නත් ඇති. ඒත් ඒ දවස් වල එවැනි උපත් ගැන වැඩිය හොයන්න ගියේ නැහැ. මං ගැහැණු අය එක්ක ඇතිවෙනකම් විනෝද වුණා නළු පෙනුම නිසා.”

මොහුගේ මෙම අවජාතක දරුවන් හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් හෝ මෙම කරුණු අනාවරණය වුවත් ඔහුට විරුද්ධව කිසිඳු පියවරක් නොගැනීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතූන් මත මොහු පිළිබඳ තොරතුරු හෙළි නොකළ බොහෝ පිරිසක්ද ඒ අතර සිටින බැවින් මෙම සීඩ් රෝයි නම් රහස් පරීක්ෂකයා පවසන පරිදි පියුම් මහතාගේ අවජාතක දරුවන් ගණන 1300 ට වඩා වැඩිවිය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news