දැන් තියෙන නාට්‍ය වලින් කරන දේ ගැන අචලා කියන කතාව

 10/08/2017 - 16:58
223 reads

කාලයක් රසික ආදරය දිනාගත් චරිතාංග නිළියක් ලෙස රැඳී සිටිමින් කටයුතු කළ අචලා අලස් දිගු නිහැඬියාවකින් අනතුරුව සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වන්නට එකතු වෙලා තියෙනවා.

''ඇත්තටම මට වෘත්තීය නිළියක් වෙන්න කිසි වුවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා ගොඩක් දුර ගියේ නෑ. නිර්මාණ කිහිපයකට විතරයි දායක වුණේ. දරුවෝ දෙන්නා හම්බ වුණාට පස්සේ මගේ ලෝකය වෙනස් වුණා. මම තාමත් ඒ දෙන්නා පස්සේ දුවනවා.මේ වෙනකොට දුව විවාහකයි. එයා හරිම සරලයි. පුතත් කලාවට කිසිම උනන්දුවක් නැහැ. රඟපෑමට වඩා මට මගේ පවුල් ජීවිතය වටිනවා. මම ක්‍රීඩාවෙන් ගොඩක් දුර ගිය කෙනෙක්, මම අදටත් fitness පැත්තට වැඩිය නැඹුරු වෙච්ච කෙනෙක්. අන්තිමට රඟපෑවේ උදයකාන්තගේ 'දියයට ගින්දර' සිනමා පටයේ. සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් හොඳ වැදගත් නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සළකා බලනවා. දැන් යන ටෙලිනාට්‍ය බලන්න වෙලාවක් නෑ. ඒ මොහොත ගත කරන්නේ මගේ පවුල වටකරන්. අනික් එක ඔය නාට්‍ය වලින් සමාජයට කිසිම පණිවුඩයක් යන්නේ නෑ. ඕවයින් කරන්නේ තරුණ පරපුර විනාශ කරන එකට අමතරව වෛරය පතුරුවන එක. මම කැමති ආදරණීය දේවල් විඳින්න විතරයි.''

 

news24.lk
News24
sri lanka news 24
24 news