ගාල්ලේ නිවුන් සොයුරියන්ට ශිෂ්‍යත්වයෙනුත් සමලකුණු

 10/08/2017 - 14:38
341 reads

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් එකම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන විභාගය සමත් වූ නිවුන් දැරියන් දෙදෙනෙකු ගැන අපූරු පුවතක් දකුණු පළාතේ ගාල්ලෙන් වාර්තා වනවා.

ඒ ලකුණු 177ක් ලබාගනිමින් සමත් වූ ගාල්ල ඕල්කට් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිහලි සිතුම්යා සහ මහේලි නෙතුම්යා යි.

මෙම නිවුන් දියණියන් ගාල්ල - ගිංතොට, පියඳිගම ප්‍රදේශයේ ජීවත්වන අතර ඔවුන්ගේ පියා රාජ්‍ය සේවකයෙක් මෙන්ම මව පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබනවා.

සිහලිගේ සහ මහේලිගේ මව වන සුජීවා මහත්මිය සිය දියණියන්ගේ ජයග්‍රහණය සම්බන්ධව News24 වෙත අදහස් දැක්වුයේ මෙලෙසයි.

"දරුවෝ දෙන්නා සමත් වෙයි කියන දැඩි විශ්වාසයක් තිබුණා. ඒත් මේ සිදුවීම විශ්වාස කරන්න අමාරුයි. විභාගය අවසන් වෙලා නිවසට ආවට පස්සේ දරුවෝ දෙන්නාම කිව්වේ 'අම්මේ බය වෙන්න එපා, ලකුණුනම් 180ක් වත් ඇති' කියලා තමයි. දරුවෝ දෙන්නාම අධ්‍යාපන් කටයුතු වලට වගේම පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලටත් දායක වෙනවා. දෙන්නම නිවේදනයට, චිත්‍ර අදින්නට වගේම නර්තනයටත් දක්ෂයි. ''

මෙම දරුවන් දෙදෙනා පාසලේ ශිෂ්‍ය නායිකාවන් දෙදෙනෙක් ලෙසද කටයුතු කරනු ලබනවා.

පාසලේ පන්ති භාර ගුරුතුමිය, විදුහල්පතිවරයා ඇතුළු පාසලේ සියලු ගුරුභවතුන් වගේම දියණියන් දෙදෙනාගේ මේ ජයග්‍රහණයට උදව් කළ සියලුම දෙනාට ස්තූති කරන්නට සුජීවා මහත්මිය අමතක කළේ නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news