පන්සලේ පෙරහැර යද්දී සිසුන් දෙදෙනෙකු නායක හාමුදුරුවන්ගේ කාමරයේ 'ක්‍රියාන්විතයක'

 10/08/2017 - 09:54
383 reads

දන්කොටුව බුජ්ජම්පොල ශ්‍රි විසුද්ධාරාම විහරස්ථානයේ වාර්ෂික වස්සාන පිංකම  පැවැත්වුණා.
ගම්වැසියන් මෙන්ම අවට ගම්වල පිරිස් ද පිංකමට එක්ව සිටියා.
පිංකමෙන් සතුටුව නිවෙස් බලා ගිය පිරිසට පැය කිහිපයකින්  කණගාටුදායක  ආරංචියක් ලැබුණා. එය ගම පුරා වගේම අවට ගම්වලටත් පැතිර ගියා.

සිද්ධිය මෙහෙමයි.

විහාරයේ වස් පිංකමේ චීවර පෙරහැර පැවැත්වෙන වෙලාව.
ස්වාමින්වහන්සේලා මෙන්ම දායකයනුත් එම කටයුතුවල.
ඒත් දෙතුන් දෙනෙක් වෙනත් ක්‍රියාන්විතයක. ඊට පාසල් සිසුන් දෙදෙනෙකුත් ඇතුළත් බවයි කියවෙන්නේ.
වාර්ෂික කථින චීවර පෙරහැර අවසන්ව තිබුණේ අලුයම 4 ට පමණ.

එම කටයුතු අවසන්ව නායක හිමියන් ප්‍රධාන ස්වාමින්වහන්සේලා සංඝාවාසයට වැඩම කළා.
යම් වෙනසක් දැක ගන්නට ලැබුනේ එම අවස්ථාවේදී.
නායක ස්වාමීන්වහන්සේගේ කාමරයෙහි වෙනසක්.
සිදුව ඇති දේ ගැන අවබෝධකරගැනීමට වැඩි වෙලාවක් ගියේ නෑ.
නායක ස්වාමීන්වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා කැඳවා අල්මාරිය පරීක්ෂා කළා.
රුපියල් 33900ක් අතුරුදන් වෙලා. දුරකතන 2කුත් නැහැ.
මුදල්, පිංකම වෙනුවෙන් දායකයන්ගෙන් ලැබී තිබුණේ.
නායක ස්වාමින් වහන්සේ කැරුණු විමසා පොලිසියට පැමිණිලි කළා.

වහා ක්‍රියාත්මකවූ දන්කොටුව පොලිසිය විමර්ශන ආරම්භ කළා.
පැය 4කින් පමණ පසු සැකපිට පාසැල් සිසුන් දෙදෙනෙකු සහ හා තවත් අයෙක්  ඊයේ (07) අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දන්කොටුව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි හා 16 හැවිරිදි සිසුන් දෙදෙනෙක් හා මාරවිල පදිංචි 18 හැවිරිදි අයෙක්.

සොරාගත් මුදල් ද සොයාගත් බවයි  පොලිසිය පවසන්නේ.
                                                
සැකපිට අත්අඩංගුවට   බාලවයස්කාර 15 හැවිරිදි සිසුවා වසර 3කට  පමණ පෙර මෙම විහරස්ථානයේ නැවතී  සිටි අයෙකු බවයි පැවසෙන්නේ.
මෙයට පෙර නිවසක සිදු වු රන් මාල සොරකමක් හේතුවෙන් සිසුවා විහරස්ථානයෙන් ඉවත් කර ඇති බවයි කියවෙන්නේ.
සැකකරුවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.                                                        

 

news24.lk
News24
sri lanka news 24
24 news