කුලී රථයේ දරුවෙක් බිහිකළාට අයිතිකරුගෙන් අපූරු තෑග්ගක්

 10/07/2017 - 15:11
761 reads

ඉහළ අහසේ දී ගුවන් යනා තුළ දරුවන් බිහිකළ අවස්ථා තිබෙනවා.
එම දරුවන් ට වගේම දෙමාපියන්ටත් අමතක නොවන අපූරු තෑගී ලබා දුන් සිද්ධීන ගැනත් අසන්නට ලැබෙනවා.
කුලී රථයක් තුළ දරුවෙක් බිහිකර එලෙස තෑගී ලැබීමක් ගැන ඔබ අසා තිබෙනවාද?

මේ ඉන්දියාවෙන් ලැබෙන එවන් සිද්ධයක්. දරුවා බිහිවුණේ කුලී රථයක් තුළ.
ඊශ්වරි සිං විශ්වකර්ම. වයස අවුරුදු 21යි. දරුවා ලැබෙන්න ප්‍රසව වේදනාව දැනුනා.
ස්වාමි පුරුෂයා කල් වෙලා නොගෙන කුලී රථ සේවයක් ගෙන්වා ගත්තා.
දරුවා බිහිකරන්න කුලී රථයකින් රෝහලට යමින් සිටි ඇයට ප්‍රසව වේදනාව දරාගත නොහැකි වූවා.
ඕ කුලී  රථය තුළම දරුවා බිහිකරනවා. බිළිඳා පිරිමි දරුවෙක්.
රෝහලට පැයක් පමණ යායුතුව තිබුණා.

රියදුරු ද බොහොම කල්පනාකාරීව රථය හසුරුවා ඉක්මණින් රෝහල්  කරා පැමිණියා.
මවට සහ දරුවාට කිසිදු කරදරයක් වී නැහැ.

මව ට අපුරු තෑග්ගකුත් ලැබුණා.
ඒ කුලී රථ සමාගමෙන්.

ඊශ්වරිගෙ සැමියා Ramesh Singh Vishwakarma මේ පිළිබඳ විස්තර කරමින්  කියා සිටියේ...

"...බිරිඳට බබා ලැබෙන්න දින දීල තිබුනේ ඔක්තෝබර් 24.
ඒත් සති තුනක් තියෙද්දී ගිය 2වෙනිදා  ප්‍රසව වේදනාව නිසා රෝහල් ගත කිරීමට කුලී  රථයක් ගෙන්වාගත්තා.
රෝහලට යන්නට පැයකට වඩා යා යුතුයි.
බිරිද, අම්මයි මල්ලියි එක්ක කැබ් එකේ යවලා මම මෝටර් සයිකලෙන් පිටිපස්සෙන් ආවා.  
බිරිඳගේ තත්ත්වේ නිසා රියදුරු මහත්මයා බොහොම කල්පනාවෙන් වාහනේ පැදෙව්වේ.
අතර මග  දරුවා බිහිවූවා."

ඉන්දියාවේ උත්තර්  ප්‍රදේශ් හි කමලා නේරු රෝහල  ගම්මානයේ සිට කිලෝමීටර් 12ක් ඈතින් පිහිටියේ.
ඔවුන් පදිංචිව සිටින්නේ පූනේ කලාපයේ Kondhwa ප්‍රදේශයේ.
දරුවා බිහිව ඇත්තේ ගමන් ආරම්භ කර කිලෝමීටර 5ක් පමණ දුරකදී.
රියදුරු 27 හැවිරිදි Yashwant Galande.
සමාගම රියදුරුටත් උපහාර දක්වා ඇත්තේ 'මනුස්සකම' වෙනුවෙන්.  

මවත් පුතාත් පිළිබඳ  ආරංචිය ලද  කුලී රථ සමාගම වසර 5ක් යනතුරු මවට හා පුතාට අවශ්‍ය සියළු ගමන් පහසුකම්  නොමිලේ ලබා දෙන  බව දන්වා තිබෙනවා.

පසුගිය 05 වනදා ඔවුන් රෝහලෙන් රැගෙන යාමටත් පැමිණි  අදාළ රථය  වසර 5ක් යනතුරු ඔවුන් වෙනුවෙන් සේවයට යොදවන බවයි  සමාගම දන්වා ඇත්තේ.

කැබ් රථ සමාගම Ola.
සමාගම මේ පිළිබඳ twitter පණිවුඩයක් තබා තිබුණේ මෙලෙසින්.

ගැබිණි මවකට ආසනය පිරිනමන්නට අකමැති වන මිනිසුන් සිටින වත්මන් සමාජයක උදාර ගති ඇති  'දෙවි මිනිසුන්'.

news24.lk
News24
sri lanka news 24
24 news