මියන්මාර ජාතික කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

 10/06/2017 - 20:50
86 reads

මියන්මාර සරණාගතයින් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ගල්කිස්සේ මහ වාද්දුව ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවිරිදි අයෙක් වන අතර අද උදෑසන කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

සැකකරු වැඩ තහනමකට ලක්ව සිටින අතර ඔහුට එරෙහිව මේ වන විට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 3 ක්ද ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, මියන්මාර ජාතික කාන්තාවක රාජකාරී වේලාව තුළ දූෂණය කළ බවට එල්ල වූ චෝදනාවක් මතයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධ එම නඩුවේ අවසන් අදියර විභාගවෙමින් පවතින අවස්ථාවේ ගල්කිස්සේ පැවති අදාළ උද්ඝෝෂණයට ඔහු මූලික වී සිටි බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

පසුගිය 26 වනදා මියන්මාර සරණාගතයින් රඳවා සිටි ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක් ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිම සම්බන්ධයෙන් මීට පෙර සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් ඇතුලූ 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ මස 09 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments